ඉරාන ජනපති වෙනුවෙන් අපේ රටේත් ශෝක දිනයක්

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ශ්‍රී ලංකාව තුළ අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එසේම ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් තම ශෝකය පළකර ශෝක දින ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවයෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි දින පහක ශෝක කාලයක් ඊයේ (20) ප්‍රකාශයට පත් කළා.

පසුගියදා වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ඊබ්‍රාහිම් රයිසි සමගින් විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ජීවිතක්ෂයට පත් වුණා.

අයතුල්ලා කමේනි පැවසුවේ “ආදරණීය ඉරාන ජනතාවට” තම ශෝකය ප්‍රකාශ කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!