සුගීෂ්වර නැති නිසා දයාසිරිට පාලුයිලු.

කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබූ “සත්‍ය දිනවමු” මහජන සම්මන්ත්‍රණය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර පැවසූවේ සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර ගතාවීම නිසා තමන්ට පාළුවක් දැනෙනා බවයි .

දේශපාලන පළිගැනීම් හමුවේ තම ගමන කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි බවත්, සියලු බලවේග ඒකාබද්ධ කරමින් පොදු වේදිකාවක් හරහා නව ආණ්ඩුවක් ගොඩනැගීමට කටයුතු කරන බවත් ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය .

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය .

“අද මට ලොකු පාලුවක් දැනෙනවා. මොකද සුගීෂ්වර බණ්ඩාර මැතිතුමා මෙතන නෑ. එතුමා අද ඉන්නේ බන්ධනාගාරයේ. මේ පළවෙනි පලිගැනීම. මේවගේ පළි ගැනීම් ඉස්සරහට එන්න පුලුවන්.අපි ඒවට බයේ ආපහු හැරෙන්නේ නෑ. මේ ඒකාබද්ධ විපක්ෂයේ වැඩ පිළිවෙළ තමුන්නාන්සේලා සියලු දෙනාම එකතු වෙලා මුලු ලංකාව පුරාම මේක අරන් ගිහිල්ලා පොදුවේ ඔක්කොටම එකතු වෙන්න පුලුවන් වේදිකාවක් හදලා අපි අපේ ආණ්ඩුවක් ගොඩනගන්න කටයුතු කරනවා.

තනි තනිවම බලය ලබාගැනීමේ ක්‍රියාවලිය වෙනුවට පොදුවේ අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන තැනකට මේක තල්ලු කරන්න ඕනේ…”