සලේගේ නඩුවේ දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට එරෙහි නඩුව නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවනු ලැබීය .

එහිදී සිද්ධියට අදාළ පළමු සහ දෙවන සැකකරුවන් නොවැම්බර් 4 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද අතර නඩුව නොවැම්බර් 25 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කරනා ලදි .