මෙම වසරේ ජුනි මාසෙය් දී මෙරට සංචාරය කර ඇති සමස්ත විදේශිකයින් සංඛ්‍යාව 138,241ක් වන බවත්, එය ඊට පෙර ජූනි මාසයට සාපේක්ෂව 9.9% කින් පහත වැටීමක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජුනි මාසයේදී, ඉන්දියානු සංචාරකයින් 43,423ක් පැමිණ ඇති අතර එය සමස්ත පමිණීම් වලින් 35% කි.
මේ අතර, පසුගිය මාසයේ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,474ක්, ඔස්ට්‍රේලියාවෙන් 8,710ක්, චීනයෙන් 8,224ක් සහ එක්සත් ජනපදයෙන් සංචාරකයින් 3,806ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මැයි මාසය තුළ සංචාරකයින් 145,745ක් මෙරටට පැමිණ ඇති අතර, මේ වසරේ ගෙවුණු මාස කිහිපය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 1,146,573ක් දක්වා ඉහළ ගොස් තිබේ.