ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගැනීමේ පනතට යටත් කරයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට (RTI) යටත් කර ඇති බැවින්, මහජනතාව ඉල්ලන තොරතුරු ලබාදීමට පියවර ගන්නා බවත් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න පැවසීය .

මීට පෙර ක්‍රිකට් පාලක මණ්ඩලය තමන් තොරතුරු දැනගැනීමේ පනතට යටත් නොවන බව පවසමින් මහජනතාව ඉල්ලූ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දුන් එරාන් වික්‍රමරත්න, එම ආකල්පය දැන් මුළුමනින්ම වෙනස් කර ඇති බව ප්‍රකාශ කරයි.

ක්‍රිකට් ආයතනයේ පාලනය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඇති වී තිබෙන සැක සංකා දුරුකිරීම සඳහා ඉහළ පාරදෘශ්‍යභාවයක් අවශ්‍ය බව ඔහු සඳහන් කරයි . ඊට අමතරව නිවරදි තොරතුරු සමාජ ගතවන්නේනම් පදනම් විරහිත චෝදනා සහ ගැටලු බොහොමයක් මතුනොවන බවත් ඔහු පවසයි .

සිය අනාගත සැළසුම් අතර පාසල් මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම, ක්‍රීඩාංගණ සහ පුහුණු පහසුකම් දියුණු කිරීම ද වන බවත්, ජාතික කණ්ඩායම් තේරීම් කටයුතුවලට දේශපාලනඥයන්ගේ හෝ පරිපාලකයන්ගේ කිසිදු බලපෑමක් නොවන බවත් ඔහු පැවසීය .