කෑගල්ල, මොළගොඩ මංගලගම ප්රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා තවත් රථවාහන කිහිපයක් එක පෙළට ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත . ඊට අමතරව එම අනතුරින් තුවාල ලැබු 10 දෙනෙකු පමණ කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙයි .
බස් රථයක්, වෑන් රථයක් සහ ත්රිරෝද රථයක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර රියදුරු පුහුණු පාසලකට අයත් රථ වාහන කිහිපයක් මේ අතර වන බව වාර්තා වෙයි . අනතුර සම්බන්ධව කෑගල්ල මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය ඉදිරි පරීක්ෂණ පවත්වයි.