රෝබෝ තාක්ෂණයෙන් සිදුකළ ප්‍රථම ශල්‍යකර්ම දෙක සාර්ථකයි

කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය ඇසුරුකරගෙන ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රථම සැක්කම් දෙක සාර්ථකව නිමකර තිබේ. මෙම ශල්‍යකර්ම දෙක පසුගියදා කොළඹ පුද්ගලික රෝහලකදී සිදුකර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නව තාක්ෂණික යුගයකට රැගෙන යන වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

එක් සැත්මකකදී වෛද්‍ය විශේෂඥයන් දෙදෙනෙකු රෝබෝ තාක්ෂණයේ සහාය ලබා ගනිමින් වයස අවුරුදු 50ක පමණ කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් කර ඇත. අනෙක් සැත්කම වකුගඩුව ආශ්‍රිත සංකීර්ණ ශල්‍යකර්මයක් බව වාර්තා වේ.

රෝබෝ තාක්ෂණය යටතේ සිදුකරනාකදී ශල්‍යකර්මයකදී රෝබෝවරයා ශල්‍ය වෛද්‍යවරයාගේ සම්පූර්ණ පාලනය යටතේ කටයුතු කරයි . වෛද්‍යවරයා විශේෂ පාලන පද්ධතියක් භාවිතයෙන් රෝබෝ අත් පාලනය කරන අතර, රෝබෝ පද්ධතිය එම චලනයන් ඉතා ඉහළ නිරවද්‍යතාවකින් රෝගියාගේ ශරීරය තුළ ක්‍රියාත්මක කරයි. කෘතිම බුද්ධිය සහ නවීන ක්‍රමලේඛන (programing) තාක්ෂණය භාවිත කිරීම නිසා මිනිස් අතට අපහසු වන ඉතා සියුම් චලනයන් පවා නිවැරදිව සිදු කිරීමට මෙම පද්ධතියට හැකියාව ඇත.

මෙම තාක්ෂණික ක්‍රම භාවිතයෙන් රෝගීනගේ රුධිර වහනය අවම වෙයි . ඊට අමතරව විශාල කැපුම් අවශ්‍ය නොවීම, සියුම් ස්ථානවල පවා ඉහළ නිරවද්‍යතාවයෙන් සැත්කම් කිරීම, ආසාදන අවදානම අඩුවීම රෝගියාට ඉක්මනින් සුවය ලැබීම වැනි අමතරවාසි රැසක් රෝගියාට හිමිවෙයි .