තවමත් ස්ථාවරව නැති මැදපෙරදිග භූ දේශපාලනික තත්ත්වය, ගෝලීය වෙළෙඳාමේ පහත වැටීම් සහ බලශක්ති වෙළෙඳපොළේ ඇති විය හැකි බාධා වැකි කරුණු හෙතුවෙන් ඉදිරියේදී රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වා ගැනීම අභියෝගයක් විය හැකි බවද මුදල් අමාත්‍යාංශය පවසයි .
ඒ අනුව 2025 වසරේ පැවති මට්ටමට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත්කළ නිවෙදනයක් සදහන් වෙයි .
2027 වසර සඳහා නිකුත් කළ මූල්‍ය ක්‍රමෝපාය ප්රකාශනයේ දත්ත අනුව ප්‍රදානද ඇතුළත්ව සමස්ත රාජ්‍ය ආදායම 2025 දී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 16.7 ක් ලෙස පැවති අතර, එය 2026 දී සියයට 15.8ක් දක්වා පහළ යනු ඇතැයි මුදල් අමාත්‍යංශය පුරෝකථනය කර ඇත .
2025 වසරේදී ආදායම් තත්ත්වය ඉහළ යාමට හේතුවක් ලෙස එම වසරේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ ලැබුණු බදු ආදායම් ඉහළ යාම හේතුවක් වී ඇත . එහෙත් එම බදු ආදායම වාහන ආනයනය අඩු වීමට සාපේක්ෂව පහත වැටීම රාජ්‍ය ආදායම් අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇත .
2022 ආර්ථික අර්බුද සමයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 8.4ක් දක්වා පහළ ගොස් තිබූ අතර, එය ලෝකයේ පහළම මට්ටම් අතරට එක් වූ බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත එවකට පැවති රජය විසින් පසුව ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්ති සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් බදු පදනම පුළුල් වී ඇති බවත්, බදු පැහැර හැරීම් සහ අහිමිවීම් අවම කිරීමට පියවර ගෙන ඇති බවත් එහි සඳහන් වේ.