Reuters පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම වසරේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළේය.
අමෙරිකානු ඩොලර් මිලියන 2.9 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, උද්ධමනය පාලනය කරමින් ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම අරමුණ වී ඇති බව ඔහු සඳහන් කර තිබේ.
ඉරාන යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා පසුගිය මැයි මාසයේදී මහ බැංකුව පොලී අනුපාත පදනම් ඒකක 100කින් ඉහළ නැංවූ අතර, එය වසර තුනකට වැඩි කාලයකින් පසු සිදුකළ පළමු පොලී අනුපාත ඉහළ නැංවීම බව ඔහු එහිදී සඳහන් කර ඇත .