මධ්‍යම පළාතේ ආණ්ඩුකාරයා ඉල්ලා අස්වෙයි .

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර ඇතිබව වාර්තා වේ.

කෙසේ වෙතත් ජනධිපතිවරයා සිය ඉල්ලා අස්වීම පිළිගත්තේද යන්න මේ දක්වා දන්වා නැති බව මහාචාර්ය සරත් අබේකෝන් මාධ්‍ය කළ විමසීමක දී පවසා ඇත.

මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කර ඇති අතර, සිය ඉල්ලා අස්වීම් පෞද්ගලික හේතු මත සිදුවන්නක් බව ඔහු පවසයි .