‘මට වුණු දේ’ ගැන ගෝඨා පොතක් ලියයි

ඉකුත් 2022 වසරේ මහජන විරෝධතාව මැද බලයෙන් ඉල්ලා අස් වුණු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත කෘතියක් හෙට (07) දිනයේ දී එළිදැක්වීමට නියමිතයි.

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ලෙස නම් කර ඇති එම කෘතිය තමා බලයට පත් වූ දා සිට බලයෙන් පහ වන තුරු තමා මුහුණ දුන් සංසිද්ධින්ගේ එකතුවක් බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් ම රචනා කෙරී ඇති මෙම කෘතිය හෙට දිනයේ සිට දිවයිනේ ප්‍රමුඛ පෙලේ පොත් අලෙවිසැල්වලින් මිල දී ගත හැකි බවයි එම නිවේදනයේ හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.