භෞතචිකිත්සකවරියගේ ම‍රා දමා ඇත්තේ ගෙළ සිරකරලා .

නුවරඑළිය ලැගුම්හලකදි මියගිය බවට සැකකරන අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරවීමකින් සිදුවූ මරණයක් බවට විමර්ශන නිලධාරින් සැක පළ කරයි. මේ අතර මෙම ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන ඇයගේ පෙම්වතා සෙවීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර තවමත් සැකකරු සොයාගැනීමට නොහැකිවී තිබේ.

කෙසේවෙතත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට විමර්ශන නිලධාරින් සමත්ව ඇත.

මෙම සැකකරු මෙම තරුණිය ඉදිරියේ දිනෙත් දිසානායක නමින් පෙනී සිට ඇතිමුත් , ඔහුගේ සැබෑ නම ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර බවත් ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

එසේම මෙම සැකකරු බොරු කොණ්ඩයක් පැළඳ සිය සත්‍ය පෙනුම වසන් කරගෙන සිට ඇති අතර ඔහුට තරුණියන් රැසක් සමඟ සම්බන්ධතා පැවති බවට තොරතුර වාර්තා වෙයි.

මෙම පුද්ගලයාට එරෙහිව ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවත්, කාන්තාවන් රවටා මුදල් ලබාගත් බවට ඔහුට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව පැවසේ.

43 හැවිරිදි තිදරු පියෙක් වන සැකකරුගේ මෙම අපරාධ සඳහා ඔහුගේ බිරිඳ ද අධාර අනුබල දීම් සිදුකරන බවට පොලිසිය සැක පළ කරයි.

සැකකරු සම්බන්ධයෙන් මේවන විට නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාගේ සෘජු අධීක්ෂණය යටතේ කණ්ඩායම් තුනක් මගින් විමර්ශන ක්‍රියාත්මක වෙයි .