බොහෝ පළාත්වලට අදත් මි.මි 75 ඉක්මවු මහ වැසි.

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (05) දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දිනයට අදාලව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි .

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි .

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇදහැලිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි . මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

එමෙන්ම උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැක . ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් හානි සිදුවිය හැකි බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි .