රතුපස්වල නඩුවේ තීන්දුව අද

බීමට පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා, පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කර, තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ සිදුවීම මීට වසර 11කට පෙර වාර්තා වුණා.

නීතිපතිවරයා විසින් පවරා තිබුණු මෙම නඩුව සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව මෙලෙස අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!