බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් සිය ධූරය හැර යයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඩවුනින් වීදියේ අගමැති නිවසේ සිට රූපවාහිනීය ඔස්සේ සිය ඉල්ලා අස්වීම නිළ වශයෙන් නිවේදනය කළ ඔහු සිය අනුප්‍රාප්තිකයා සුබ පැතූ අතර ඔහු තනතුරට පත්වන තුරු අගමැති ධූරයේ කටයුතු කරනා බව පැවසීය .

පාලක ලේබර් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්ණ සහ පීඩනය ඔහු මෙම තත්ත්වයට පත්කරන්නාට හේතු වූ බව බ්‍රිතාන්‍ය දේශපාලන ආරංචිමාර්ග පවසයි . වයඹදිග එංගලන්තයේ පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණයෙන් ස්ටාමර්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිදේහියෙකු වන ඇන්ඩි බර්න්හැම් තීරණාත්මක ජයග්‍රහණයක් වාර්තා කිරීමෙන් පසු ඔහුට ලේබර් පක්ෂයේ අභ්‍යන්තර පීඩනය වැඩියෙන් දැනෙන්නට ඇතිබව බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කරයි .

බර්න්හැම්ගේ මෙම ආන්දෝලනාත්මක ජයග්‍රහණයෙන් පසු මීළඟ මැතිවරණයේදී ලේබර් පක්ෂය මෙහෙයවීමට තමා සුදුසු නැති බව කීර් ස්ටාමර් පවසා තිබුනි .