සියළු වියදම් ඉහළ දමමින් ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනය කිරීමට නෛතික හැකියාවක් තමන්ට නැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය .
ඉන්ධන මිල ඉහළ යාමේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු මිල සූත්‍රය අනුව 04%ක ප්‍රතිශතයකට පැමිණ නැති බැවින් ගාස්තු සංශෝධනය මේ අවස්ථාවේ සිදුකළ නොහැකි බව ඔහු පැවසීය .
කෙසේ නමුත් මේ වන විටත් බස් කර්මාන්තය අලාභ ලබමින් පවත්වාගෙන යන බවද පැවසූ ඔහු කෙටි සේවාවන්වලදි දෛනිකව රුපියල් 1,000ක් සහ දුර සේවාවන්වලදී රුපියල් 2,000ක පාඩුවක් සිදුවන බවද සඳහන් කළේය.