පරාටේ නීතිය තවකාලිකව අත් හිටවයි

පවතින ආර්ථික අර්බුදය නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවමකරනු වස් පරාටේ නීතිය (Parate execution) ක්‍රියාත්මක කිරීමේ නීතියේ බලතල යම් කාලයකට අත්හිටුවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

බැංකු ක්‍ෂේත්‍රයේ ආරක්‍ෂාව සඳහා පරටේ නීති හඳුන්වා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා, බැංකු ක්‍ෂේත්‍රයේ ආරක්‍ෂාව ද ආරක්‍ෂා කරමින් නීතියේ බලතල අත්හිටුවීමට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව ද පැවසීය.

කෙසේ වෙතත් පසුගිය සඳුදා පරාටේ නීතිය පිළිබඳ අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසූවේ පරාටේ නීතිය තව දුරටත් ශක්තිමත් විය යුතු බවත්, දේපොළ පවරා ගැනීම කඩිනම් කළ යුතු බවත්ය.