නවසීලන්තය ලකුණු අටකින් ජය ගනී

8 ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු පන්දුවාර 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 172ක් රැස්කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක් දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි.