පරාටා ඇතුළු සියළු කෙටි කෑම මිල නගී .

කෙටි ආහාර මිල ගණන් රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසීය . ආනයනික තිරිඟු පිටි මිල රු 13 කින් ඉහළ දැමීමත් සමඟ කෙටි ආහාර මිල සහ පරාටා මිල මෙලෙස ඉහළ දැමීමට සිදුව ඇතිබව ඔහු පවසයි .

අද (21) දිනයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, මෙම ආහාරවල මිල සුළු වශයෙන් ඉහළ දැමීමට තීරණය කර ඇතිබවත්, ඉදිරියේදී ඉහළ දමන මිල ප්‍රකාශයට පත්කරන බවය .