නාවික හමුදාපති ධූරයට වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත්කෙරේ .

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත්කර ඇත . සේනාධිනායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

ඔහු මෙතෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, වයිස් අද්මිරාල් නිලයට උසස් කරන ලදුව නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයාය ලෙස පත්කර තිබේ .

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහු වෙත බාර දෙන ලදි . වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද්මිරාල් ධුරට උසස් කරන ලදුව හෙට සිට විශ්‍රාම යාමට නියමිතය.

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හෙට (1) වෙනිදා සිට රාජකාරි ආරාම්භ කිරීමට නියමිතය . වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස 1991 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්විය.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික නාවික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔහු 1993 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව තිබේ.