දළදා පෙරහැර සහ සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් යොදාගැනීම ගැන ගැසට් නිවේදනයක්

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසීය .

කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් හෝ කිසිදු බාධාවක් කුමන ආකාරයෙන් හෝ පැනවීමට රජය පියවර ගෙන නොමැති බව පැවසූ ඔහු සංස්කෘතික කටයුතු වෙනුවෙන් රජය නිරන්තරයෙන් පහසුකම් සපයන බව සඳහන් කළේය . ඉදිරියේදී මේ සම්බන්ධව විශය ප්‍රාමාණිකයන් සමග සාකච්චාකර, ඔවුනගේ අදහස් ලබාගෙන ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩි දුරටත් පැවසීය .

මේ වන විට එම ගැසට් නිවේදනය අවසන් අදියරේ පවතින බවද ඔහු සඳහන් කළේය. අද (21) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය .