තවත් විදුලි ගාස්තු සංශෝදනයක් ජූලි මාසයේ.

ජූලි මස 01 වන දින සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබූ විදුලි ගාස්තු යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණ්ඊවිඩයක් නිකුත් කරමින් පවසයි .

රජයේ නව ප්‍රතිපත්තියට අනුව සෑම වර්ෂයකම දෙවතාවක්,(ජනවාරි 01 වනදා සහ ජූලි මස 01 වනදා) විදුලි ගස්තු සංශෝදනය කළ යුතු වෙන අතර, ඊට අදාලව මෙකි සංශෝදිත මිලගණන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරනා ලද බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය විසින් එම යෝජනාව සකස් කිරීමේදී සත්‍ය විදුලිය ජනන දත්ත සහ විදුලිය විකුණුම් දත්ත ද, ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය සත්‍ය මිල ගණන් ද ඇතුළත්ව එම යෝජනාව සකස් කර ඇති බවයි සඳහන් වෙයි.

අදාළ Twitter පණිවිඩය පහතින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *