මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇත . ඉන් එක අයෙක් ඊයෙ රාත්‍රියේ මියගිය බවත් අනෙක් පුද්ගලයා අද අළුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්වූ බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි . මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි වියේ පසුවූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකි.
ඒ අනුව ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එම ගැටුමෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 21 කකි .