2026 වසරේ මේ දක්වා ඩෙංගු උණ නිසා සිදුවූ මරන සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් ඇත . එමෙන්ම හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් 91,059 බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙයි .
වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.98% ක් (රෝගීන් 48,244 දෙනෙකු) බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑම එලව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටය . එහි රෝගීන් 19,406ක් වාර්තා වී අති අතර, එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 21.31% කි .
එමෙන්ම පසුගිය ජූලි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,971කි.
අගෝස්තු මාසයේ පළමු දින 10 තුළ හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 5,714 දෙනෙකි .