ඩයනා ගමගේ හිංසනයට පත්කළදැයි බලන්නට මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ සහය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා අතර පාර්ලිමේන්තු පුස්තකාලයේ ඇතිවූ ආරවුල පිළිබඳ සොයා බලන්නට පත්කළ කමිටුවට මන්ත්‍රිවරියන් දෙදෙනෙකුගේ සහය ලබාගැනීමට තීරණය කළ බව කමිටු සාමාජික ගයන්ත කරුණාතිලක පවසයි.

ඒ අනුව තලතා අතුකෝරල සහ සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවඑඉයන්ගේ සහය ලබාගැනීමට එම කමිටුව තීරණය කර ඇත. කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරියන් එම කමිටු සාමාජිකයන් ලෙස පත් නොකොට ඔව්වුනගේ සහය පමණක් ලබාගැනීමට කමිටුව තීරණය කර ඇත. මෙම පුවත වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින්ද තහවුරු කර ඇත.

නියෝජ්‍ය අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව නොවැම්බර් 6 වැනිදා රැස්වීමට නියමිතය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *