ජාජබ ලාල්කාන්ත සුපිරි හෝටලයකදී ගල්කොරි ව්‍යාපාරිකයන් එක්ක සාකච්ඡාවක

දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනෙකු ඊයේ (03)මහනුවර තරු හෝටලයකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළුව නායකයන් කිහිපදෙනකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව ජාතික පුත්පතක් වාර්තා කරනවා.

එහිදී දිවා ආහාරය ලබා දීමට කළ සැලසුමක් පිළිබඳ අනාවරණය වීමෙන් පසු මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ආහාර ලබාදීම වළක්වා ඇති බව සඳහන් වනවා.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබීයදී මේ ආකාරයෙන් සංග්‍රහ කිරීම වරදක් බව ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසකට හා හෝටල් කළමනාකාරිත්වයට දැනුම් දීමට මැතිවරණ නිළධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රධාන පෙළේ ගල්කොරි කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයන් පැමිණ තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

හෝටලයේ දිවා ආහාරය බුෆේ ක්‍රමයට යොදා තිබූ බවත් හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිසට අමතරව දෙස් විදෙස් සංචාරකයන්ද ආහාර ලබා ගැනීමට පැමිණ සිටි බවත් මහනුවර මැතිවරණ කාර්යාලය පවසනවා.

මේ හේතුවෙන් මැතිවරණ කාර්යාල නිලධාරීන් ආහාරවලට සිල් තැබීමට පියවර ගෙන නැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.