ජයිස්වාල් සහ අසිතට අයි.සී.සී ආයතනෙයෙන් දඩ .

මේ දිනවල ලෝක ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන ඉන්දු ලංකා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේදී සිදුවීමකට අදාලව ඉන්දීය ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් සහ ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීකක අසිත ප්‍රනාන්දු යන අයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදල් නියම කර ඇත

ඉන්දු ලංකා දෙවැනි ටෙස්ට් තරගයේදී නුසුදුසු ලෙස ශාරීරිකව ගැටීමේ සිද්ධියකට අදාළව මෙම දඩ මුදල නියම කර ඇත . ක්‍රීඩකයින් දෙදෙනාම අදාළ වරද පිළිගැනීම හේතුවෙන් වැඩිදුර විමර්ශනයකින් තොරව ඔවුනගේ තරග ගාස්තුවෙන් 25% ක දඩ මුදලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නියමකර ඇත .