ජන අරගල ව්‍යාපාරයේ හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට .

ජන අරගල ව්‍යාපාරය විසින් අද (03) පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවට එක්වූ හය දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධාන කළ විරෝධතා පා ගමන බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වූ අතර එම පා ගමන බොරැල්ල මංසන්ධියෙන්, මරදාන හරහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණි අතර එහිදී පිරිස විරෝධතාවක් පවත්වන ලදී.

නීති විරෝධී රැස්වීමකට සහභාගීවීමේ චෝදනාවට මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.