ජනාධිපති ප්‍රොටෝකෝල් කඩලා.

තමිල්නාඩු මහඇමැති ධූරයට පත් වූ සී. ජෝසප් විජේට, ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලිකව සුබපැතුම් එක්කිරීම දැකීමෙන් පුදුමයට පත් වූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදේශීය පළාත් නායකයන් සඳහා රාජ්‍ය නායකයකු ලෙස එවැනි සුබපැතුම් පණිවිඩ යැවීමේ සම්ප්‍රදායක් නැතැයි එක්සත් ජාතික පක්ෂය නිකුත්කළ එම නිවේදනයේ සඳහන් වෙයි .

අලුතින් තේරී පත් වූ බටහිර බෙංගාල මහඇමති සුවෙන්දු අධිකාරි හෝ ඇසෑම් මහඇමති හිමන්ත බිස්වා ෂර්මාට ජනාධිපති දිසානායක සුබපැතුම් පණිවිඩයක් යවීමට කටයුතු නොකළේ මන්දැයි එක්සත් ජාතික පක්ෂය එම නිවේදනය මගින් ප්‍රශ්න කරයි.