ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනියට යාපනයේදී විරෝධය.

ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීන් උදෙසා සාධාරණය ඉටු කරන ලෙසත්, මාධ්‍යවේදීන් මරාදැමීම්, ඔවුන්ට එල්ල වූ ප්‍රහාර සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී මෙන්ම විශ්වාසනීය පරීක්ෂණ පවත්වන ලෙසත් ඉල්ලමින් යාපනයේ අද විරෝධතාවයක් පැවැත්විනි .

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැති මෙම විරෝධය යාපනය ජනමාධ්‍ය සමාජයේ (Jaffna Press Club) සාමාජිකයන් විසින් සංවිධානය කර තිබූ අතර, අද නිල උත්සව කිහිපයකට සහභාගී වීම සඳහා පැමණි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්නගේ දෙදින සංචාරයට සමගාමීව මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි .

මෙම සංචාරයේ එක් පියවරක් ලෙස යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනමාධ්‍යවේදීන් උදෙසා පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණයකට ද නියෝජ්‍ය අමාත්‍යවරිය සහභාගී වීමට නියමිතව තිබිණි. එහෙත් එම උත්සවය යාපනය ජනමාධ්‍ය සමාජයේ (Jaffna Press Club) සාමාජිකයන් වර්ජනය කළ බව වාර්තා වේ.