ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදුවිය .
ඇයගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණු අතර, දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනා ලදි .
1970 දශකයේ ගායන ලෝකයට පිවිසි මරියසෙල් එම යුගයේ මෙරට ජනප්‍රිය සංගිත කණ්ඩායම් ගනනාවකම ප්‍රධාන ගායිකාව ලෙස කටයුතු කර ඇත. ඇය ගැයු කැන්ඩි ළමිස්සී, සිහින නෙළුම් මල්, වත්සලා, කුමරානෙනි ආදී ගීත රැසක් රසිකයන් අතර තවමත් ජනප්‍රියය . වේගරිද්ම ගායනයට මනා කුසලතාවයක් දැක්වූ මරියසෙල් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ගැයූ ගීත බොහෝය .
කලක් අසනීප තත්ත්වයකින් පසු වූ මරියසෙල් ගුණතිලක කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පසුගිය සිකුරාදා (10) අලුයම කාලයේදී අභාවප්‍රාප්ත වූවාය.