චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර සෙසු සැකකරුවන් පස්දෙනා මෙම මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය .
සැකකරුවන් අද (23) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදෙන ලදි .