යුද සමයේදී ත්‍රිකුණාමලයේ කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කාන්තා සුළු නිලධාරිනියන් දෙදෙනකු ඔක්තෝබර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් මෙම කාන්තාවන් දෙදෙනා ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් වෙත ඉදිරිපත්කරනා ලදුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත . ඔවුන් දෙදෙනා ඔක්තෝබර් 05 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද මහේස්ත්රාත්වරායා නොයෝග කළේය .
මෙම විශ්‍රාමික නිලධාරිනියන් දෙදෙනා වෙනත් අධිකරණ නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත . එම දෙදෙනා හලාවත සහ හපුතලේ ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති .
2008 මැයි 13 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ත්‍රිකුණාමලය, පාලයූත්තු ප්‍රදේශයේ පදිංචි සසිකුමාර් තෙන්මෝලි සහ මේරි ඩෙල්සියා නැමැති කාන්තාවන් දෙදෙනා පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වේ.
වාර්තාවලට අනුව, මෙම සැකකාරියන් දෙදෙනා සක්‍රීය සේවයේ නිරතව සිටියදී අදාළ කාන්තාවන් දෙදෙනා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ ලෙස හඳුන්වන භූගත ස්ථානයක රඳවා තබාගෙන සිටි බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
නිල නාවික බුද්ධි ඒකකයෙන් වෙන්ව ක්‍රියාත්මක වූ සහ කමාණ්ඩර් ඩී.කේ.පී. දසනායකගේ අණදීම යටතේ පැවැති බව කියන ‘විශේෂ බුද්ධි ඒකකයක්’ මගින් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත.