කොළඹ මහ නගර සභාව විසින් සංශෝධිත විනෝද බදු අනුපාත ගැසට් පත්රයක් මඟින් ප්රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව සිනමා ශාලා, ක්රීඩා තරඟ, ප්රසංග සහ තවත් විනෝදාස්වාද ක්ෂේත්ර කිහිපයකට අදාල විනෝද බදු අනුපාත අඩුකර ඇත.
මෙම නව බදු අනුපාත කොළඹ මහනගර සභාවේ 2026 අයවැය යටතේ අනුමත කර ඇති අතර, අදාළ ගැසට් නිවේදනය ප්රකාශයට පත්කිරීමත් සමඟ ඒවා මේ වන විට බලාත්මක වී තිබේ.
සිදුකර ඇති ප්රධාන සංශෝධන අතර, දේශීය කලාකරුවන් සහභාගී වන ප්රසංග සඳහා වන විනෝද බද්ද 7% දක්වා අඩුකර ඇති අතර, විදේශීය කලාකරුවන් සහභාගී වන ප්රසංග සඳහා 10% ක බද්දක් පනවා ඇත. සිනමා ප්රවේශ පත්ර සඳහා 7% ක විනෝද බද්දක් ද, දේශීය ක්රීඩා තරඟ සඳහා 7% ක බද්දක් ද අයකෙරෙනු ඇත.
ශ්රී ලංකාවේ නිර්මාණාත්මක කර්මාන්තයට සහයෝගය දක්වන අතරම, මහජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතිය සහ ක්රීඩා භුක්ති විඳීමට වැඩි අවස්ථාවන් නිර්මාණය කර දීම සඳහා මෙම පියවර ගත් බව කොළඹ නගරාධිපතිනී ව්රායි කැලී බැල්තසාර් පැවසූවාය . .