මේ වන විට ප්‍රංශ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනා පාතාල අපරාධකරුවෙක් වන සිංහාර අමල් ශාමින් ද සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නමැති පාතාලයේ ප්‍රබලයාව මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සමඟ සාකච්චා ආරම්භ කර ඇතිබව වාර්තාවේ.
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වූ රන්ජන් සිල්ව ඝාතන ඇතුළු ඝාතන රැසකට වගකිවයුතු බවට සැක කරන මොහු කලක සිට සිය බිරිඳ සමග රැඳී සිටිනුයේ ප්‍රංශයේය. එරටදී ඔහු සිය බිරිඳ සමග වූ ආරවුලක් මත ඇය විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ප්‍රංශ පොලිසිය මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.
තම සැමියාට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් තිබෙනා බව කුඩු අංජුගේ බිරිඳ විසින් ප්‍රංශ පොලිසියට දැනුම් දීමෙන් පසු ප්‍රංශ පොලිසිය ජාත්‍යන්තර පොලිසිය මගින් ශ්‍රී ලංකාවට ඔහු අත් අඩංගුවට ගැනිම දන්වා ඇත.
කුඩු අංජු ප්‍රංශයේ රැඳී සිටිනුයේ දේශපාලන රැකවරණ මත බැවින් ඔහු ආපසු ගෙන ඒම කරක් කටා ඇතුළු පිරිස ගෙන ආ තරම් පහසු නොවනු ඇතිබවත් වාර්තා වේ. ගොනාකෝවිලේ රොහා විසින් කුඩු අංජුගේ සහෝදරයා වන ලංසියා මරා දැමීමෙන් පසු මැලේසියව හරහා ප්‍රංශයට පලාගිය ඔහු එම ඝාතය පෙන්වමින් එරට දේශපාලන රැකවරණ බලාපොරොත්තු විය