දේශීය කීරි සම්බා සහල් සඳහා නියම කර තිබූ උපරිම සිල්ලර මිල වන රුපියල් 260/- ඉක්මවා සහල් අලෙවි කිරීම හේතුවෙන් බේරුවල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැළකට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් දස ලක්ෂයක දඩ මුදලක් පසුගිය 17 වනදා නියම කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කළුතර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් මෙම නඩුව පවරා තිබු මෙම නඩුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ විත්තිකාර සුපිරි වෙළඳ සැල ඊට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය නියම කරනා ලදි .
මෙම සුපිරි වෙළඳසැල තුළ රුපියල් 260/- ක උපරිම සිල්ලර මිල පැවති දේශීය කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 355/- බැගින් පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට තබා තිබියදී අත් අඩංගුවට ගන්නා ලද බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කළුතර දිස්ත්‍රික් විමර්ශන නිලධායෙක් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය .
මෙම නඩුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අදාළ චෝදනාවලට විත්තිකාර සුපිරිවෙළඳ සැලේ කළමණාකරනය වරද පිළිගැනීමෙන් අනතුරුවම මෙම දඩ මුදල නියමකරනා ලදි.
පාරිභෝගිකයින් රවටමින් පාලන මිල ඉක්මවන, බාල ප්‍රමිතියේ හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න.