ලෝකයේ පස්වෙනි ආර්ථිකය හිමි රට ලෙස පිළිගැනෙනනා ඉන්දීයාව සමාජ මාධ්‍ය පරිශීලනය කරනා තරුණ රැකියා විරහිත උපාධිධරීන්ගේ විරෝධතාවය හමුවේ බරපතල අර්බුදයකට ලක්වෙමින් තිබේ.
මෙකී අර්බුදය ඇරඹෙනුයේ ජාතික සුදුසුකම් සහ ප්‍රවේශ විභාගය (NEET-UG) ප්‍රශ්ණ පත්‍ර කාන්දු වීම පදනම් කරගෙනය . වෛද්‍ය අධ්‍යාපනයට තේරීමේ කඩඉම් විභගයක් වන මෙම විභගයේ ප්‍රශ්ණ පත්‍ර කාන්දුවීම නිසා එරට බලවත් නොසන්සුන් තාවයක් හටගත් අතර, ඒ හේතුවෙන් ආරම්භ වූ තරුණ නැගිටීම තවමත් පාලනය කරගැණීමට පාලක භාරතීය ජනතා පක්ෂයට හැකිව නැත.
සමාජ මාධ්‍ය ක්‍රියකාරිකයෙක් වන Abhijit deepake විසින් සයිබර් අවකාශයේ ආරම්භ කරනා ලද කැරපොතු ජනතා පක්ෂය(CJP) (Cockroach Janta Party) නම් උපහසාත්මක සමාජ ව්‍යාපාරය මෙම තරුණ විරෝධය පසුපස සිටිනා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි .
Cockroach යන නමේ පසුබිම් කථාව වනුයේ ඉන්දීය අගවිනිසුරු සූර්ය කන්ට් (Surya Kant) විසින් නඩු විභාගයක් අතර තුර රැකියා විරහිත තරුන උපාධිධාරීන් කැරපොත්තන්ට සමාන කරමින් කළ ප්‍රකාශයය. මෙම අපහාසාත්මක ප්‍රකාශය සිය අනන්‍යතාවය කරගත් රැකියා විරහිත උපාධිධාරී ඉන්දීය තරුණ තරුණියෝ කෘතිම බුද්ධිය මගින් නිර්මානය කළ Cockroach Janta Party නම් අන්තර්ජාල සලකුණ යටතේ එක්ව රජයට විරෝධය දක්වන්නට වූහ.

සමස්ත ඉන්දියාවේ විරැකියාව 40% තරම් ඉහළ ගොස් ඇත . තරුණ විරෝධයට සහය දිමට පැමිණ ඉන්දීය අගමැතිවරයාගේ නිළ නිවස ඉදිරියේ විරෝධතාවයට එක් වුන ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුලු දේශපාලනඥයන් පිරිසක් ඊයේ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් මුදාහැර තිබේ .
සාමකාමී විරෝධයක යෙදුන විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය විසින් හෙළාදක ඇතත්, ඉන්දීය ආරක්ෂක අංශ පවසනුයේ ඔවුන් රැඳී සිටියේ අධි ආරක්ෂිත ප්‍රදේශයක බැවින් ඉන් ඉවත්කිරීමට සිදු වූ බවයි. එය අත්අඩංගුවට ගැනීමක් නොවනා බව එරට පොලිසියද පවසා ඇත .
මෙම තත්ත්වය ගැන අදහස් දක්වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනුයේ විභාග වංචා සම්බන්ධ නඩු ඉක්මනින් විභාග කිරීමට විශේෂ (Fast-track) අධිකරණ පිහිටුවන බවය . ඊට අමතරව
තරුණයන්ගේ ගැටලු විසඳීමට පියවර ගන්නා බවටද ඔහු ප්‍රතිඥා ලබාදී ඇත . නමුත් විරෝධතාකරුවන් පවසන්නේ එය ප්‍රමාණවත් නොවන බවත්, අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවත්ය.
ඉන්දීය ජාතික කොංග්‍රසය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙම විරෝධතාවලට සහය පළ කරනා අතර අධ්‍යාපන අමාත්‍යවරයා ඉවත් කරන ලෙසත්, විභාග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ලෙසත් ඕවුහු රජයට බලපෑම් කරති.
දහස් ගණනක් පිරිස නවදිල්ලියේ Jantar Mantar ප්‍රදේශයේ රැස්ව සිටිනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . ඇතැම් ස්ථානවලදී පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර භාවිත කරනා වීඩියෝ අන්තර් ජාලයේ දැකගත හැකි අතර මේවන විට විරෝධතාකරුවන් මුම්බායි, බැංගලෝර් ඇතුළු වෙනත් නගරවලද වීථිවලට රැස්වෙමින් සිටිනා බව වාර්තා වේ.
ගෙවුන වසර හතරක කාලයේ ශ්‍රී ලංකාව, නේපාලය සහ බංග්ලාදේශය යන දකුණු ආසියානු රටවල විරෝධතා හටගත් අතර ඉන්දියාව එම තත්ත්වයට මුහුණ දෙමින් සිටිනා කළාපයේ හතරවන රට වෙයි. එම විරෝධතා හේතුවෙන් බංග්ලාදේශ අගමැතිණී ෂෙයික් හසිනා සහ සහ ශ්‍රී ලංකවේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ යන රාජ්‍ය නායකයන්ට රට අත හැර යාමට සිදු විය.
නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි රටින් පලා නොගිය මුත්, තරුණ අරගලය හමුවේ 2025 සැප්තැම්බර් 9 වන දින ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය . ඉන්දීය අගමැතිවරයා මෙම අර්බුදයට මුහුන දෙන්නේ කෙසේදැයි දැන් ලෝකය බලා සිටී .