කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන්ට එරෙහි සාක්ෂි 28 වනදාට අධිකරණයට ඉදිරිපත් කරන්නට මහව මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක් .

කාවන්තිස්ස හස්තියාට වැඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කර තිබේ .

වලාන දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් රත්නායක මුදියන්සේලාගේ ලක්මාල් පද්මසිරි සහ ශාන්ත ධර්මසිරි රත්නායක යන සැකකරුවන් ඊයේ දිනයේදී වනජීවී නිලධාරීන් මාර්ගයෙන් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, එහිදී වනජීවී නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනවිරත්න සැකකරුවන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය .

මෙම සැකකරුවන් කාවන්තිස්ස ඇතාට වෙඩි තබනු ඇසින් දුටු සාක්ෂි තිබේදැයි වනජීවී නිළධාරීන්ගෙන් මහේස්ත්‍රාත්වරිය විමසූවාය . එවන් සාක්ෂි වෙතොත් ඒවා සහ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට බලපෑ හේතු පිළිබඳව නිශ්චිත කරුණු සියල්ල ලබන 28 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට මහේස්ත්‍රාත්වරිය වනජීවි නිලධාරීන්ට නියෝග කළාය

විශේෂයෙන්ම සැකකරුවන් මෙම අපරාධයට සම්බන්ධ වූ ආකාරය නිශ්චිත දිනය ඇතුළු සවිස්තරාත්මක තොරතුරු වාර්තාවක් ලබන නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව මහේස්ත්‍රාත්වරිය වන ජීවී නිලධාරීන්ට අවවාද කළා.

වලාන දූශණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වණ ජීවී නිලධාරීන්ට භාරදීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි . මෙම සක කරුවන්ට වෙන් වෙන් වශයෙන් නඩු දෙකක් පැවරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.