එල්නිනෝ නිසා පවුල් 25000 ක් දැනටම පීඩාවට පත්වෙලා .

එල් නිනෝ බලපෑම හේතුවෙන් මේවන විට දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක ජීවත්වන පවුල් 25,628 කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව පවුල් 23,048 ක පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264ක පුද්ගලයින් 33,023 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබේ.