ඊසානදිග තායිලන්තයේ මුක්දහාන් පළාතේ සිදුවූ මාර්ග අනතුරකින් මියගිය භික්ෂූන්වහන්සේලා ගණන 8 දක්වා ඉහළ ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි .
පා ගමනක යෙදී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු පැදවූ කැබ් රථයකට යටවීමෙන් මෙම අනතුර ඩිදුව ඇති අතර එම අනතෞරින් භික්ෂූන්වහන්සේලා අට නමක් අපවත් වී, තවත් දහතුන් නමකට 13 නමකට බරපතළ තුවාල සිදුව ඇතිබව තායි පොලිසිය පවසයි .
මුවැන්ග් දිස්ත්‍රික්කයේ ‘බන් නා සි’ නුවාන් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් භික්ෂූන්වහන්සේලා පස් නමක් එම ස්ථානයේදීම අපවත්ව ඇති අතර තවත් තුන් නමක් රෝහල් ගතකරනු ලදුව මියගොස් ඇත.
මූලික පොලිස් පරීක්ෂණවලට අනුව අනතුර සිදුකර ඇති කැබ් රථය පදවා ඇත්තේ 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් බවත්, ඔහු තම දෙමාපියන්ගේ හෝ භාරකරුවෙකුගේ කිසිදු අවසරයකින් තොර