එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානයෙන් 22 වැනි සංශෝධනයට විරෝධය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන හානිය ගැන පැහැදිලි කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු (Special Rapporteur on the independence of judges and lawyers) මාගරට් සැටර්ත්වේට් පසුගිය අගෝස්තු 7 වැනිදා, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා තිබේ.

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපාන ආකාරයත්, එය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතීන් හා පිළිගැනීම්වලට පටහැණිවන ආකාරයත් ඇය තම ලිපියෙන් දීර්ඝ ලෙස විස්තර කර තිබේ.

එම ලිපිය අවසානයේදී විශේෂ වාර්තාකාරිනිය ඉල්ලා සිටින එක් කරුණක් වන්නේ, විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම අනාගතයේදී පත්වන විනිසුරුවන්ට පමණක් නොව දැනට සේවයේ නියුතු විනිසුරුවන්ටද අදාළ කිරීමට අදහස් කරන්නේ මන්දැයි යන්න ඇතුළුව යෝජිත සංශෝධනය පිටුපස ඇති පදනම සහ අරමුණ පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසය.