2008 වසරේදී දෙහිවල ප්‍රදේශයේ අවන්හලක සිදුවූ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමකර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි විසින් මෙම තීන්දුව ලබාදී ඇත.
එම චෝදනාවලට වරදකරු කෙරුණු සිවිල් පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 5ක සිරදඬුවමක් විනිසුරුවරයා විසින් නියමකර ඇත. එමෙන්ම චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට විනිසුරුවරයා විසින් බරපතළ වැඩ සහිත වසර 3 බැගින් වූ සිරදඬුවම් නියම කරනා ලදි .