අඩු පීඩන කළාපය අද දිනයේත් .

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කළාපය තවදුරටත් පවතින බවත්, එහි හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබදව නිරන්තර අවධානයෙන් පසුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

මෙම අඩුපීඩන කළාපයේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වලාකුළින් බරව පවතින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.