2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 13 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග කළේය .
එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 13 වනදා කැඳවීමටත් අධිකරණය නියම කර තිබේ .
2016 පෙබරවාරි 6 වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් කොළඹ තුන් මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තුළින් මාර්ග අවහිර කොට මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත .
මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත .