රුසියන් යුද්ධයට ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යැවූ මේජර්ට වැඩ වරදී

රුසියාවේ සහ යුක්‍රේනයේ යුද්ධය සඳහා ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා නිලධාරීන් යැවූ, මිනිස් වෙළඳාමේ මහමොළකරු බව කුයන හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ ඔහුට සහය දුන් සාජන් මේජර්වරයෙක් ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මිනිස් වෙළඳාම්, ජාවරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර දී ද මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැනට රිමාන්ඩ් භාරයේ සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පැවසුවේ.

මෙයට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මිනිස් වෙළඳාම්, ජාවරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!