කොළඹ කොටුව සිට යාපනය, කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල් දේවි දුම්රිය හෙට (11) සිට නැවත ධාවනයට එක් කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි . කෙසේ වෙතත් මෙම දුම්රිය පෙර මෙන් දිනපතා ධාවනය නොකරන බවත්, එය සතියේ සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් කන්කසන්තුරේ බලා ධාවනය වන බවත් එම දෙපාර්තමේන්තුව පැවසයි .
එමෙන්ම කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා යාල්දේවි දුම්රිය ධාවනය වන්නේ අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් වන බව ද සඳහන් වෙයි .
දුම්රිය ධාවනය කෙරෙන කාලසටහන පහත දැක්වෙයි
