මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් අනතුරට පත්කරමින් කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.
එම අනතුරින් තුවාල ලැබූ තවත් කුඩා දරුවෙකු ඇතුළු 7 දෙනෙකු ප්‍රතිකාර පිනිස හෝමාගම මූලික රෝහලලට ඇතුලත්කර ඇතිබව වාර්තා වේ . අවිස්සාවේල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මීගොඩ මංසන්ධියේ පැවති දන්සැලක පෝලිමක සිටි පිරිසක් වෙතට ධාවනය වී ඇත . එම අවස්‍තාවේ ආහාර ලබාගැනීම සඳහා දන්සැල් පෝලිමේ සිටි පිරිස් යටකරගෙන මෙම කැබ් රිය ධාවනය වී ඇත . එම අනතුරින් වයස අවුරුදු 15, 32, සහ 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු, වයස අවුරුදු 35 සහ 38 වයස්වල පසු වන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතිබව පොලිසිය පවසයි .
එම මොහොතේ මීගොඩ හන්දියේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරීන් විසින් සැකකාර රියදුරා සහ කැබ් රිය අත් අඩංගුවට ගෙන ඇත. පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ සැකකරු ඒ වන විටත් මත්පැන් පානය කර සිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි