තායිලන්තයේ සිට කුෂ් සහ හැෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 112 ගෙන ඒමේදී අත්අඩංගුවට ගත් භික්ෂූන් 22 සහ ඔවුන් මෙහෙය වූ බවට සැකකෙරෙන අගුණකොලේ අමිතානන්ද නම් භික්ෂුව ඇතුළු 23ක පිරිසක් ඊයේ (2) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
එම අවස්ථාවේ එහි පැමිණ සිටි ලකේගල හාමුදුරුවෝ නමින් තමන් විසින්ම හදුන්වාගත් හිමිනමක් අධිකරණ කටයුතු වාර්තා කිරීමට පැමින සිටි මාධ්‍යවේදීන් අධිකරණ භූමියෙන් ඉවත් කිරීමට උත්සහ ගනු ලැබීය .
එහෙත් ලකේගල හාමුදුරුවෝ නමින් හදුන්වා දුන් එහිමියෝ සැකකාර භිෂූන්වහන්සේලා බන්ධනාගාර බසයට නංවාගෙන යන දර්ශනය විඩියෝ ගත කිරිම වලක්වාලීමට දැඩි උත්සහයක් ගන්න ලදි .
ඒ වන විට රාත්‍රි හතට ආසන්නව තිබු නිසා අධිකරණ පරිශ්‍රය දැඩි අඳුරකින් වෙලි තිබුනි. එබැවින් අධිකරණයට ඇතුලු වෙන තරප්පු පෙලට ආලෝකය සපයමින් අධිබල විදුලි බුබුළු කිහිපයක් දල්වා තිබුනි . එම අවස්ථාවේ එහි පැමිණි ලකේගල හාමුදුරුවන්ගේ කීමට එතනට පැමිණ සිටි වෙනත් භික්ෂුවක් සිය සිවුර ගලවා එම අධිබල විදුලි බුබුළු වසා දමා මුලු අධිකරණ පරිශ්‍රයම අඳුරු කරන ලදි . ඒ හේතුවෙන් සැකකාර භික්ෂූන් බන්ධනාගාර බසයට නංවාගෙන යන ආකාරය විඩියෝ ගත කිරීමට බාධා පැමිනෙන ලදි .
අහිංසක හාමුදුරුවෝ පිරිසක් නිරපරාදේ මෙම සිද්ධිය හසු කර ඇති බවත් ඔවුන්ගේ සිරුවු ගලවා දැමීමට රජය කුමන්ත්‍රණය කරන බවද එහිදී එම ලකේගල හාමුදුරුවන් පවසා සිටියේය .