හැටන් ෆෝඩයිස් වතුයායේ පෙර පාසලක් මතට ගසක් කඩා වැටී තිබේ . මෙලෙස කඩා වැටී ඇත්තේ ෆයිනස් වර්ගයේ ගසක් වන අතර එම ගස කඩා වැටීමෙන් පෙරපාසැලට සහ එහි තිබූ උපකරණ දැඩි අලාභ හානි සිදු ඇත .
ඊයේ (27) රාත්‍රී 7:30ට පමණ එම ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගස කඩා වැටී ඇත . මේවන විට ගස කපා ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.