නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට තනතුරින් ඉවත්වන්නැයි බලපෑම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සාධාරණව සිදුකිරීමට නම් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර එම ධුරයෙන් ඉවත් කළයුතු බව රොහාන් ද සිල්වා පියතුමෝ පවසති .

‘මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා’ මැයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදැක්වීම උදෙසා කොළඹ දී පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ .

සමාජය හා සාමයික කේන්ද්‍රය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මෙලෙස පැවසූහ .

“ප්‍රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධනීය දිශානතියකට යොමුවෙමින් පවතින බව පෙනේ . එනිසා විමර්ශන සාධාරණය සිදුකරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආන්දෝලනාත්මක සයින්දමර්දු සිදුවීම් සිදුවන අවස්ථාවේ නැගෙනහිර පළාත් ආඥාපතිව සිටි වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර විමර්ශන අවසන් වනතෙක් අදාළ තනතුරෙන් ඉවත් කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.”